ජනපති ඉදිරියේදී සුවිශේෂී තීරණයක් ගන්න සැරසෙයි..හේතුව මෙන්න..
උඩවලව ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ තවත් දින තුනකට පමණක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්.
ඒ අනුව, වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරුණා.
දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බවයි, මහවැලි අධිකාරිය සඳහන් කළේ.
මේ අතර, සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කර දින 05ක් ගතවුව ද මේ දක්වාත් ඇතැම් ගොවිබිම්වලට ජලය ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටිනවා.
සිදුව ඇති දරුණු වගා හානිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ දී ප්‍රකාශ කළා.
ඉදිරියේ දී සියලු ජලාශ එකම ස්ථානයකින් පාලනය වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.