ජනපති සිදු කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Ranil Wickremesinghe
By Aruna Aug 09, 2023 04:21 AM GMT
Report

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භවී තිබෙනවා.

එම ප්‍රකාශය පහතින් නරඹන්න.


ජනපතිවරයා ප්‍රකාශ කරන්නේ, "13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ 1987 වසරේදීයි.

මේ අනුව අවුරුදු 37ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වුණා.

නමුත් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන පිළිවෙළ ගැන ගැටලු ගණනාවක් තිබෙනවා.

ඒ වගේම පළාත් සභා පිළිබඳවත් ගැටලු ගණනාවක් තිබෙනවා. රටක් ලෙස ඉදිරියට යන්න නම් අප මේ ගැටලු නිරාකරණය කර ගත යුතුයි.

අපේ රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.

එහෙත් එසේ කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි හැමෝම විවෘතව සහ මැදිහත් සිතින් යුතුව කරන ගැඹුරු සාකච්ඡාවකින් පසුව එකඟතාවකට පැමිණියොත් විතරයි." යනුවෙන්.