චමෝදි මියයෑමට හේතුවූ කරුණ රෝහල හෙළි කරයි..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 15, 2023 08:15 AM GMT
Report

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පත්කරන ලද  පංච පුද්ගල කමිටුව අද (15) එම රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය

මෙම කමිටුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි.

සොඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දින කිහිපයක් තුළ අදාළ කමිටුව සිය විමර්ශන අවසන් කර වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවය.

පසුගිය 11 වනදා මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

එහිදී ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටියේ රෝහලට ඇතුළත් කරන විට කිසිදු අසාධ්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ ආදාළ තරුණිය එන්නත් ලබාදීමෙන් පසු එකවරම අසාධ්‍ය තත්ත්වයට පත්වී ජීවිතයට සමුදුන් බවය.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ තරුණියගේ මියයාම ඖෂධයක් නිසා සිදුවූ බවට සැක නොකරන අතර අසාත්මිකතාවයක් ඇය මියයෑමට හේතුවන්නට ඇතැයි සැක කරන බවය.