ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන බ්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේය.
“ජනාධිපතිතුමා ලබන බ්‍රහස්පතින්දා රටේ ආර්ථික තත්ත්වය හා ජාත්‍යන්තර සහයෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරන්න සහ අවශ්‍ය නම් ඒකට විවාදයක් දෙන්නත්. “
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |