ආර්ථික අර්බුදය පරදා රට ගොඩනැගීමට අගමැතිගෙන් Road Map එකක්..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Prime minister Sri Lanka Food Crisis
By Sewvandhi Jun 16, 2022 08:38 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව

ත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පළ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය. 

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කර කළේය.

අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වුහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now