අර්බුදයෙන් ගොඩ ආපසු කළ යුතු දේ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Ranil Wickremesinghe Prime minister Sri Lanka Sri Lankan political crisis Economy of Sri Lanka
By Sithumi Jun 05, 2022 11:07 AM GMT
Report

රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ආ පසු රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී තරුණ ප්‍රජාව හඬ අවදි කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

NDTV ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 300ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම ආර්ථීක අර්බුදය මෙය බවයි.

ඉන්දියාව අපිට උදව් කිරීමට පෙරමුණ ගත්තා. ඔවුන් අපිට උපකාර කිරීම නිසා අපිට පුළුවන් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වනතුරු රැඳී සිටින්න. මෙවැනි තත්ත්වයක් උද්ගත නොවේවා කියා මා සිතනවා..

මුහුණ දෙන දැවැන්තම ආර්ථීක අර්බුදය මෙය බවයි. ඉන්දියාව අපිට උදව් කිරීමට පෙරමුණ ගත්තා. ඔවුන් අපිට උපකාර කිරීම නිසා අපිට පුළුවන් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වනතුරු රැඳී සිටින්න. මෙවැනි තත්ත්වයක් උද්ගත නොවේවා කියා මා සිතනවා..

නමුත් අවාසනාවට වසර 300ක ඉතිහාසයක් තුළ අපි මින් පෙර මුහුණ දී නොමැති අයුරින් භයානක තත්ත්වයකට අපි පැමිණිලා තියෙනවා..

මෙවැනි තත්ත්වයකට රට පත්වීමට කෙතරම් කාලයක් ගතවුණාද?

වසර දෙකක කාලයක් පමණයි ගතවුණේ 2020 වසරේ සිට.. 

 ඔබ හිතන්නේ මෙම තත්ත්වය උද්ගත වුණේ කොවිඩ් නිසා පමණක් කියලද?

නැහැ... මෙය කොවිඩ් වසංගතය නිසා ඇති වූ තත්ත්වයක් නෙවෙයි.. මෙය දුර්වල පරිපාලනය නිසා හටගත් තත්ත්වයක් අපි එය නිවැරදි කළ යුතුයි. අපිට වෙන විකල්ප නැහැ..

ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට මේ සම්බන්ධයෙන් අධ්‍යයන සිදු කළාද?

මම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන බව දැනගත් කාලයේ සිටමයි මම මේ ගැන අධ්‍යයන කළේ...

මේ වනවිට ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වනවා?

මූලික මට්ටමේ සාකච්ඡා අපි සිදු කළා. නිල සාකච්ඡා දැන් ඇරඹීමට නියමිතව තිබෙනවා. මේ මාසය තුළ ඔවුන් පැමිණේවි.. අපිට එය ඉක්මනින් අවසන් කරන්න පුළුවන් වේවි.. අපි ඉන්දියාවට ස්තූති කළ යුතු වනවා ඔවුන් අපිට උපකාර කිරීම සම්බන්ධයෙන්..

මම ඒ බව ශ්‍රී ලාංකික ජනතාවට මුලින්ම කිව යුතුයි. දෙවනුව අපි මෙම ආර්ථිකමය සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ආ යුතුයි. අපිට එය ජය ගන්න පුළුවන්. අපිට යහපත් අනාගතයක් තනන්නත් පුළුවන්...

ඔබ ඔය පවසන යහපත් අනාගතයේ වගකීම තරුණ ප්‍රජාවට ලබාදීමට ඔබ සුදානම්ද?

අපි සියලු දෙනාටමත් වඩා මෙය ඔවුන්ගේ අනාගතය. අපි මේ අර්බුදයෙන් ගොඩ ඒමෙන් පසු තරුණ ප්‍රජාව දැවැන්තව හඬ අවදි කළ යුතුයි රටේ අනාගතය සම්බන්ධයෙන්..

මේ අතර වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් නව පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු කථානායක කරු ජයසූරියට ආරාධනා කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now