අගමැති හා බැංකු ප්‍රධානීන් අතර හමුවේ දී මෙරට ආර්ථිකය ගැන භයානක කරුණු රැසක් එළියට
අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් පදනම් කරගනිමින් ප්‍රතිපත්ති තීරණ ගතයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට රට මුහුණදෙන ආර්ථික අර්බුදය ජයගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයෙන් පමණක් බවය.
අග්‍රාමාත්‍යවරයා අද (26) පෙරවරුවේ බැංකු ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරි කාලය තුළ දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙන බවත් ඒ සඳහා සූදානම් වියයුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී තිබේ. වත්මන් ලෝක අර්බුද හමුවේ රටවල් 70ක් පමණ විවිධ දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකාව ඉන් ඉදිරියෙන් සිටින බවද අගමැතිවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර පොලී අනුපාත ඉහළයෑමේ වැඩි අවදානමක් ද පවතින බවය. ජාත්‍යන්තර වශයෙන් ආහාර මිල ගණන් ඉහලයෑමේ අනතුරක් ද නිරීක්ෂණය වන බැවින් එම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කළයුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඉදිරියට යෑමෙන් රටට වන අහිතකර ප්‍රතිවිපාක සීමාකර ගැනීමට අවස්ථාව ඇති බවද අගමැතිවරයා පවසයි. අදාළ සාකච්ඡාවේදී මහ බැංකුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළඹෙන තෙක් මෙම ගැටලුවලට නිශ්චිත විසඳුම් ලබාදීම අසීරු බවය.
අත්‍යවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන ණය ගෙවීම පමා කිරීමේ සහන ලබාදීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවි ඇත. මහ බැංකු අධිපතිවරයා, දේශීය, විදේශීය බැංකු ප්‍රධානීන් රැසක් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති මෙම සාකච්ඡාවට එක්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |