නව මුදල් ඇමති රනිල් සති 06කින් කරන්න යන වැඩේ මෙන්න..ජනතාවට සහන රැසක්?..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka
By Aruna May 25, 2022 05:32 AM GMT
Report

සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවත් එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් “වසර දෙකක” සහන වැඩසටහනක් සඳහා යොමු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, අර්බුදය විසඳීමට ගන්නා විවිධ පියවර හේතුවෙන් රට තුළ උද්ධමනය තවත් වැඩිවිය හැකි බවයි.

එසේම උද්ඝෝෂණ තවත් වැඩිවිය හැකි බව ද අගමැතිවරයා සඳහන් කර ඇති අතර එම උද්ඝෝෂණ අනවශ්‍ය ලෙස ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය නොවෙතැයි රජය අපේක්ෂා කරන බව ද ඔහු රොයිටර්ස් පුවත් සේවයට සඳහන් කර තිබේ.

“ඉදිරිය දුෂ්කර වෙයි. උද්ඝෝෂණ ඇතිවෙයි.

ජනතාව ගැටලුවලට මුහුණදෙන විට ඔවුන් උද්ඝෝෂණ පැවැත්විය යුතුයි. නමුත් එමගින් රට තුළ දේශපාලන තත්ත්වය අස්ථාවර වීමට දෙන්නේ නැහැ.”

“අන්තර්කාලීන අයවැය මගින් බලාපොරොත්තු වෙන්නේ වියදම් කපා දැමීම පමණක් නොවෙයි. අපි හැකි සෑම තැනින්ම කප්පාදු කරනවා.

එසේ ඉතිරි කරගන්නා මුදල් සහන සැපයීමට යොදා ගන්නවා.” “අපේ රුපියල් ආදායම අඩුවෙලා.

දැන් අපිට සිදුවෙලා තියෙනවා තවත් රුපියල් ට්‍රිලියනයක් ප්‍රින්ට් කරන්න.”

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now