ජනපති පැය එකහමාරක විශේෂ සාකච්ඡාවක්..මහින්ද සහ බැසිල් ගැනත් කියයි..

Basil Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Feb 02, 2024 04:15 AM GMT
Report

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්, ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම පක්ෂය සමඟ තනිව සාකච්ඡා කළ යුතු බවයි.

අදාළ සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පැවැත්වූ බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.


You may like this