අද මම මේනකාගෙන් වෙන්වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ අම්මත් මාව දාලා ගියා.. - හැමෝම කතා බහට ලක්වෙන නළුවාගේ කතාව (PHOTOS)

By Sithumi Feb 27, 2022 06:21 PM GMT
Report

රංගන කාර්යයට අමතරව අධ්‍යක්ෂණය හරහා විශිෂ්ට ටෙලි නිර්මාණයන් කිහිපයක් ම දායාද කරපු දක්ෂ කලාකරුවෙක් තමයි රනිල් කුලසිංහ කියන්නේ. ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු පානාමංකඩ සහ වලවෙට්ටුවා කියන ටෙලි නාට්‍යය වලටත් මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා.

විශේෂත්වය තමයි ඔහු විසින් අධ්‍යක්ෂණය කරන කිසිම ටෙලි නාට්‍යයක ඔහු රංගනයෙන් දායක වෙන්නේ නැතිවීම. ඒකට හේතුව අධ්‍යක්ෂණය කියන්නේ ලොකු කාර්යයක් නිසාත් ඒ දේ රංගනයත් එක පටලගන්න ඔහු අකමැති නිසා ලු. රනිල් මේ දවස් වල සතුටින් ද කාලය ගත කරන්නේ කියලා අහපුවාම ජීවිතේ සැඟවී තිබුණු කතාබහක් පිළිබඳව ඔහු අදහස් දැක්වූයේ මේ විදිහටයි. 

 “සතුටින් ඉන්නවා කියන එකට වඩා මේක මගේ ජීවිතේ දේවල් හොයාගෙන යන කාලයක් වෙලා තියෙනවා. සතුට කියන දේ මේ මොහොතේ මා ළඟ නැහැ ඒකට එක හේතුවක් තියෙනවා. මගේ අම්මා මීට ටික කාලෙකට කලින් මාව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. 

පවුලේ බාලයා විදිහට මට අම්මත් එක්ක සමීප බැඳීමක් තිබුණා. ඉතින් මගේ පියාත් මියගිහින් කෙනෙකුට මව සහ පියා අහිමි උනහම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැනේ.” මේ විදිහට අදහස් දක්වන රනිල් පසු ගිය දවස්වල විවාහ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඔ

හු විවාහ වෙන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන මේනකා පීරිස් සමඟයි. නමුත් පසුගිය දවසක මේ විවාහයෙන් මේ දෙදෙනාම වෙන් වෙන්න තීරණය කරනවා. බොහෝ දෙනෙක් සඳහන් කළේ අනියම් සම්බන්ධතාවයක් මේ වෙන් වීමට හේතු වුණා කියන දේ. දෙදරා ගියපු ඔහුගේ විවාහය පිළිබඳව රනිල් පුවත්පතකට අදහස් ඉදිරිපත් කළේ මේ විදියටයි. “මේ වෙද්දි මම විවාහයෙන් අයින් වෙලා ඉන්නේ. ජීවිතයේ මේ විදිහට විවාහයකින් වෙන්වුණු පළවෙනි කෙනා මම නෙමෙයි . 

බෞද්ධයෙක් විදිහට අපේ ජීවිතවල සිද්ධවෙන්නේ හැමදේම පින-පව අනුව කියලා මම විශ්වාස කරනවා. ඕනිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න නිදහස තියෙනවා. කවුරු මොන කටකතා හැදුවත් ජීවිතයේ මට තිබුණු ලොකුම දේ මගේ අම්මා. අම්මා නැති වුණු තැන ඉඳන් හිතද්දී මට ජීවිතේ වෙන ඕනම දෙයක් නැති වීම දරාගන්න පුළුවන්.

ඔහු ඇයගේ වෙන්න යාම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ ඒ විදිහටයි. තමන් මවගේ වියෝව නිසා සිත් තැවුලෙන් සිටින රනිල් කුලසිංහට ඉතාමත් ඉක්මනින් නැවත වතාවත් ඔහුගේ සුපුරුදු වැඩපිළිවෙළ සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery