රංගන ද සිල්වා CIDයට.

Gossip Today
By Wayomi Nov 08, 2022 10:14 AM GMT
Report

රංගන ද සිල්වා කියන්නේ මේ දවස්වල ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්නේ. මේ දවස්වල ඔහු ගැන විවිධ ගොසිප් ප්‍රචාරය වෙනවා.

ඉතින් ඊට එරෙහිව ඔහු අද CID යට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ සම්බන්ධව ඔහු සිය මුහුණු පොතෙහි මෙවැනි සටහනක් තබා තිබුණා.

“ බොරු අපහාසාත්මක ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මාත් බිරිදත් CID යට පැමිණිලි කළා. කිසි කෙනෙක්ට ඉදිරියේදී මෙහෙම බොරු අපහාසවලට ලක්වෙන්න ඉඩ තැබිය යුතු නෑ.

ඒ එක්කම ආදරණීය ඔබට මා සටහනක් තබනවා..

මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවට සටහනක් තබන්න හිතුවා..මේ සටහන ඒ මට ආදරය කරන අයට පමණමයි. අන් කිසිවෙකුට නොවේ..

ඔබ මා ඉන්න තැන මාත් එක්කම හිටියා..ඔබ මා යන තැනකට මාත් එක්කම ආවා...ඒ දශක දෙකක පමණ කාලයක් මුලුල්ලේ..ඉතින් ඔබ ඇමතීම මගේ වගකීමක් ..මගේ යුතුකමක්..

ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි..

ඇතැම් චිත්‍රපටවල අප දකිනවා ⁣හොඳටම ඉන්න මිනිහෙක් නරකම කෙනෙක් විදියට පෙන්වන්න ගහන GAME..කරන කුමන්ත්‍රණ.. සමහර විට ඒවා බලනකොට අපට හිතෙනවා මෙහෙමත් කුමන්ත්‍රණ කරන්න පුළුවන් ද කියලා..හැබැයි ජීවිතයේ හිතාගන්න බැරි වෙලාවක ඒ වගේ කුමන්ත්‍රණ වලට මුහුණ ⁣දෙන්න වෙන⁣කොට තමයි දැනෙන්නෙ හැබෑ ලෝකයෙත් මෙහෙම වෙනවනෙ කියලා..

ඒ නිසා ඔබට මා කිවයුතු දෙයක් ඇත...

මා එදා ඔබ ආදරය කළ රංගනමයි..

හෙටත් එහෙමයි..ඉන්නා ඉසව්වක..ඉන්නා කොදෙව්වක මනුස්සකම රැකගෙන ඉන්නවා..

ඔබේ ආදරය මට රටක් වටිනවා..ඒ ආදරය තමයි මේ දිගු ගමන මා රැගෙන ආවෙ..මට ලැබී තිබෙන මේ සැමදෙයම ඒ ආදරය නිසාමයි..ඉතින් ඒ ආදරයට මා ණය ගැතියි...ඒ ආදරය නොවන්නට මා මේ තැනට නොඑන්නට තිබුණා...

තව එක් දෙයක් කීමට ඇත..

සමහර මිනිසුන් ඉතා අතලොස්සක් හරිම නපුරුයි..හරිම විසකුරුයි.. දුර්දාන්තයි...

ඒ නිසා අවසානයේ මෙලෙස සටහන් තබමි...

කිසිවෙක් කිසිවෙකුට

 වෛර නොකෙරෙත්වා..

කිසිවෙක් කිසිවෙකුට

හිංසා නොකෙරෙත්වා..

කිසිවෙක් කිසිවෙකුට

අවමන් නොකෙරෙත්වා .

සියල්ලෝම සියල්ලන්ගේම

සැප කැමැත්තෝ වෙත්වා🙏

ස්තුතියි.. “

- Rangana


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW