ජනප්‍රිය රමේන් සහ කොරියානු නූඩ්ල්ස් සංස්කෘතිය.

Healthy Food Recipes
By Wayomi Aug 17, 2022 07:38 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නූඩ්ල්ස් කියන්නේ කොරියානුවන්ගේ ඉතාමත් ප්‍රිය කරන ආහාරයක්. ඒක ඔවුන්ගේ වෙනමම සාස්කෘතියක්. හරිම රෙසිපියට කන්න බැරි වුණත් අපේ අය අතරත් ඉතාම ජනප්‍රිය ආහරයක් තමයි.

සීත නූඩ්ල්ස්, උණුසුම් නූඩ්ල්ස්, සැර නූඩ්ල්ස්, කළු බෝංචි නූඩ්ල්ස්, රමේන් නූඩ්ල්ස් ලෙස කොරියාවේ විවිධාකාර වූ නූඩ්ල්ස් වර්ග තියෙනවා. ඔවුන් සාමන්‍යයෙන් උත්සව අවස්ථා වලදිත් නූඩ්ල්ස් වර්ග සකස් කරනවා. විශේෂයෙන්ම මොවුන් උයන්න කම්මැලිකමට තමයි නූඩ්ල්ස් තෝරාගන්නේ. අද වන විට නම් මෙම නූඩ්ල්ස්, ක්ෂණික ආහාරයක් ලෙස දියුණු වී තිබෙනවා.

එයාලා කන ඔය නූඩ්ල්ස් අතරින් ලේසියෙන්ම තෝරා ගන්න සහ ජනප්‍රියම නූඩ්ල්ස් වර්ගය තමයි රාමේන්. ක්‍රි පූ 6000, 5000 ඉඳන් ම මේ ආහාරය පැවැතුනා කියලා කියනවා. ඒ වගේම තමයි නූඩ්ල්ස් වලින් දීර්ඝායු සංකේතවත් කරන බව කොරියානු ජනයා අතර විශ්වාසයක් තියෙනවා.

වඩාත් ජනප්‍රිය නූඩ්ල්ස් වර්ග කිහිපයක්


? ජංශි Janchi Guksu

? මෙය ඉතාම සරල නූඩ්ල්ස් වර්ගයක්.

? තිරිඟු පිටි(somyeon) වලින් සකස් කරන ලද සැහැල්ලු නූඩ්ල්ස් වර්ගයක්, හාල්මැස්සන්(anchovy) තැම්බූ වතුරත් සමඟ,

?සිහින්ව කැපූ එළවළු, මුහුදු ශාක කොටස් බිත්තර එක්ව පිළිගන්වනවා.

? පිළිගන්වන විට තල තෙල්, සෝයා සෝස්, මිරිස් එකතු කර ගත හැකියි.

? මෙය උත්සව අවස්ථා වල ආහාරයට ගන්නා නූඩ්ල්ස් වර්ගයක්.


? කල් kal guksu

? මේකටKorean Knife Cut Noodles කියලා තමයි කියන්නේ.

? පිටි වලින් Noodles සකස් කරන මොහෝතේ පිටි මෝලිය තුනී කර පිහියෙන් කපා ගෙන නූඩ්ල්ස් සකසා ගන්න නිසා මෙනමින් හඳුන්වනවා.

? මෙයත් anchovy සහ සිප්පි බෙල්ලන්ගේ සාරයෙන් රසවත් වෙන සුප් නූඩ්ල්ස් එකක්.

? සුකිනි, ලීක්ස් වැනි දේවල් වලින් සරසා පිළිගන්වනවා.

? මෙය ග්‍රීෂ්ම සෘතුවේ ප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක්


? ජම්පොන් Jjamppong

? මේක සැර කන්න ආස අයට කියාපු නූඩ්ල්ස් එකක්.

? ඉතාම ප්‍රසිද්ධ නූඩ්ල්ස් බඳුනක් තමයි ජම්පොන්ග් කියන්නේ.

? මෙය චින සම්භවයක් ඇති නූඩ්ල්ස් එකක් ලෙස සැලකෙනවා.

? මෙය මුහුදු ආහාර රසයෙන් රස ගැන්වූ සුප් නූඩ්ල්ස් එකක්.

? බෙල්ලන් ඉස්සන්, දැල්ලන් ගෙන් ගන්නා සාරය උරා ගත් රස නූඩ්ල්ස් එකක්.

? සමහර වෙලාවට pork ඌරු මස් සාරය එකතුකර ගන්නවාලු.

? මෙය කොරියානු මිරිස් කුඩූ එහෙම එකතු කරලා සැරට හදන noodle එකක්.

? ළූණු, සුදු ළූණු, එළවළු රසයත් එකතු වෙලා එන මේ නූඩ්ල්ස් එක වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධ එකක්ලු.


? බිබිම් Bibim Guksu

? Bibim කියන්නේ Mixed කියන එක.

? මේ Spicy Mixed Noodles එකක් - සැර මිශ්‍ර නූඩ්ල්ස් එකක්.

? මෙය සුප් එකක් නැති සැර සෝස් එකක දැවටී එන නූඩ්ල්ස් එකක්.

? මෙය සීත නූඩ්ල්ස් එකක ලෙස හැඳින්වෙන අතර ග්‍රීෂ්ම කාලයේ ප්‍රසිද්ධ එකක්ලු.


? නැන්ග්ම්යොන් Naengmyeon

? Naengmyeon කියන්නේ තවත් සීත නූඩ්ල්ස් එකක්.

?මෙම නූඩ්ල්ස් වර්ගය තිරිගු පිටි වලින් නෙවෙයි හදන්නේ, මෙය බඩ ඉරිඟු පිටි වලින් හෝ බතල පිටි වලින් හැදෙන්නේ.

? මෙය ප්‍රධාන ආකාර දෙකකට අයිතියි.


? Mul Naengmyeon

? මෙය කුකුල් මස් හෝ හරක් මස් සාරය සහිත සුප් එකකින් සමන්විත සීත නූඩ්ල්ස් පිඟානක්.

? මෙය උතුරු කොරියාව නිජ බිම කරගත් නූඩ්ල්ස් පිඟානක්.

? උඩින් පෙති ගැසූ රාබූ එකතු කරනවාලු.


? Bibim Naengmyeon

? Bibim Guksu වගේම අර සැර සෝස් එකක දැවටී එන සීත නූඩ්ල්ස් එකක්.


? කොන්ග්‍ Kong guksu

? සෝයා බෝංචි සුප් එකෙන් රස ගැන්වූ තවත් සීත නූඩ්ල්ස් එකක්.

? Kong කියන්නේ සෝයා බෝංචි කියන එක.

? සෝයා කිරි වලින් තමයි මේ සුප් එක හැදෙන්නේ.

? මේකත් ග්‍රීෂ්මයේ උණුසුම මකා ගන්න ආහාරයට ගන්නා නූඩ්ල්ස් බඳුනක්.         


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW