ගතවූ පැය 24 තුළ වටවලට මි.මී. 204ක අධික වර්ෂාපතනයක්

Department of Meteorology Weather Latest Headlines Sinhala news Flood
By R.rishma Aug 03, 2026 05:54 AM GMT
Report

අද (03) උදෑසන 6.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, වටවල ග්‍රාම නිලධාරී වසමට මිලිමීටර් 204ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය ගතවූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ලෙස සටහන් වී තිබේ.

මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්භාගේ ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයක් ද, නාවලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 153.4ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් අවදානම් තත්ත්වයන් මතුවිය හැකි බැවින්, ජනතාව නිල අනතුරු ඇඟවීම් පිළිපදිමින් අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ වර්ෂාපතන දත්ත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

Gallery