දුම්රිය මගීන්ට අද උදෑසනම ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

Strike Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Aruna Jul 11, 2024 02:05 AM GMT
Report

වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා මෙම වර්ජනය ආරම්භ කළේ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒවා දිනාගැනීමේ අරමුණින්.

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)

ක්ලබ් වසන්ත කතුන් සමග ප්‍රභූවරුන් ලිංගිකව හැසිරෙන දර්ශන අරගෙන..හිටපු ජනාධිපතිවරයෙකුද ඒ අතර.(VIDEO)


දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනය ආරම්භ කළේ, උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගෙනයි.

මේ අතර,ඊයේ දහවල් 12.00ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත නිවේදනයක් නිකුත් කළා.

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය දීමට උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද ඊයේ තීරණයකර කළේ ය.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.

දාන මුදලට 04 ගුණයක් ලැබෙන අලුත් ක්‍රමයක්..හැමෝම මේ ගැන දැනුවත් වන්න.


ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට තවත් බලපෑම් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.