දුම්රිය ගාස්තු බස් ගාස්තු වලට සමාන කරයි?..අමාත්‍යංශය ගන්න යන තීරණය මෙන්න..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Sep 24, 2023 03:35 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් පත්කිරීමෙන් අනතුරුව සියලුම ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශ පත්‍ර අත්හිටුවීමක් සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ඒ අනුව, දැනට රුපියල් 20ක් වන අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු, බස් ගාස්තුවට සමානව හෝ ආසන්නයට වැඩි කෙරෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මේ බව අනාවරණය කළේ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන් සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකදීයි .

වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමෙන් විශාල මුදලක් එම අධිකාරියට උපයා ගත හැකි බවයි, අමාත්‍යංශ බලධාරීන් එහිදී පෙන්වා දී තිබුණේ.