දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්..මගීන් මේ ගැන අවධානයෙන් ඉන්න..
Sri Lanka Railways
Department of Railways
Railways
By Aruna
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව ට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා කියා සිටියේ, වර්ජනය නිසා දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට යළි වාර්තා කිරීමේ ප්‍රමාදය මෙම තත්වයට හේතුවී ඇති බවටයි.
මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ, වර්ජනය නිරතවුවන් සේවය හැරගියා සේ ලිපි නිකුත් කළ ද, යළි සේවයට වාර්තා කළහොත් "සේවය හැරගියා සේ සලකා" නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.