තවත් ගාස්තුවක් ඉහළට - අද සිට වහාම ක්‍රියාත්මකයි..

Sri Lanka Railways Indian Railways Railways Latest Headlines Decision Making
By krishani Feb 01, 2024 02:07 PM GMT
Report

අද (01) සිට දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

තවත් ගාස්තුවක් ඉහළට - අද සිට වහාම ක්‍රියාත්මකයි.. | Rail Freight Rates Up From Today

ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇත.

එමෙන්ම පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර ඇත.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය , ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා 0 සිට රුපියල් 1000 දක්වා වටිනාකම් ප්‍රතිශතයක් දක්වා නොමැත.

එමෙන්ම, රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකම් ප්‍රතිශතය 1.5% ක් වන අතර රුපියල් 5000 සිට 10,000. දක්වා වටිනාකම් ප්‍රතිශතය 2.25%ක් වේ.

මීට අමතරව පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකම් ප්‍රතිශතය 3% ක් අය කෙරෙන අතර රුපියල් 20,000 ට වැඩි පාර්සල් වෙනුවෙන් 4.5 % ක ප්‍රතිශතය දක්වා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අයත් නොවන වටිනාකම රුපියල් 10000ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5 % ක ප්‍රතිශතයක් අය කෙරෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

තවත් ගාස්තුවක් ඉහළට - අද සිට වහාම ක්‍රියාත්මකයි.. | Rail Freight Rates Up From Today