හෙට සිට දිවයින පුරා මේ දේ ක්‍රියාත්මකයි - රජයෙන් දැඩි තීරණයක් මෙන්න..

Sri Lanka Food Crisis Nalin Fernando Latest Headlines
By krishani Feb 04, 2024 05:51 PM GMT
Report

හෙට (05) සිට නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

හෙට සිට දිවයින පුරා මේ දේ ක්‍රියාත්මකයි - රජයෙන් දැඩි තීරණයක් මෙන්න.. | Raids In Search Of Light Weight Bread

ඒ පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.

පසුගියදා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කලේ ය. 

ඒ අනුව එහි සඳහන් කළේ පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබ්ය යුතු බවයි.

ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05ක් ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක් වේ.

එමෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව එහි සදහන් වේ.

ලබන 07 වෙනිදා තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ලබන 07 වෙනිදා තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ඊයේ ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් කියා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අදාල ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවයි.

කෙසේ වෙතත්, පාන් වල නියමිත බර සදහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාන් අලෙවි කරන්නේ ද නැද්ද යන්න සොයා බැලීම සදහා අවශ්‍ය කටයුතු හෙට සිට ක්‍රියාත්මක කරන බව වෙළද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

හෙට සිට දිවයින පුරා මේ දේ ක්‍රියාත්මකයි - රජයෙන් දැඩි තීරණයක් මෙන්න.. | Raids In Search Of Light Weight Bread