රාගම වෛද්‍යවරයාගේ තවත් කෙරුවාවක් හෙළිවෙයි

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Oct 09, 2022 09:58 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා පැවසීය.

ගයනි ඉනෝෂා පෙරේරා නැමැති ඇය පසුගිය වසරේ (2021) නොවැම්බර් මස 5 වැනිදා පිත්තාසයේ ගලක් ඉවත්කිරීමේ සැත්කමට රාගම රෝහලේදී ලක්වීමෙන් පසුව සිහිය නොමැතිව එම රෝහලේ හදිසි ප්‍රතිකාරක ඒකකයේ (අයි.සී.යූ.) මාස තුනක් ගතකළ බවත් පසුව එම රෝහලේම ස්නායු වාට්ටුවේ මස එකහමාරක් ප්‍රතිකාර ලැබීමෙන් පසුව රාගම පුනුරුත්ථාපන රෝහලේ මාස 4 ක් ප්‍රතිකාර ලැබුවද ඇය තවමත් ලෙඩ ඇඳේ සිටින බවත් පියා කීය.

ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගේ කිසියම් දුර්වලතාවකින් සිය දරුවාට මෙම තත්වයට පත්වීමට සිදුවූ බවට විශ්වාස කරන බව කී ගයනිගේ පියා මේ පිළිබඳව සාධාරණය ඉල්ලා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද සඳහන් කළේය. (ලංකාදීප)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now