සිගරට් බොන එක සදහටම එපා කරවන විශ්මිත පානයක්.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Oct 05, 2022 08:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රාබු කියන්නේ ඒවායේ තියෙන ගඳ නිසා වැඩිය කවුරුත් කන්න ආස එළවළුවක් නෙවෙයි. රාබු වල තියෙන ස්වභාවික සුවඳ අපිට ගඳ විදිහට දැනෙන්න ප්‍රධානම හේතුව රාබුවල ගෙන්දගම් අඩංගු වීම. හැබැයි ඒ ගඳ පැත්තක තියලා රසට ව්‍යංජනයක් හදලා කාලා බලන්නකෝ රස. ගඳ නිසා නොකෑවට මේවායේ ඇති ගුණ විශ්මිත බව දන්නවද?

රාබු සතු විශ්මිත ගුණ

💚 දුම් බීමට ඇබ්බැහිවූවන්ට එයින් මිදීමට උපකාරී වෙයි.ඒ සඳහා රාබු යුෂ තේ හැදි 3 ක් මී පැණි තේ හැන්දක් සමඟ දිනකට දෙවරක් පානය කිරීම සුදුසුයි.

💚 වා පිත් සෙම් ආදී තුන්දොස් සමනය කරයි.

💚 ආහාර රුචිය වර්ධනය කරයි.

💚 බඩ පිපීම නසයි.

💚 මුත්‍රාශයේ ගල් ඇතිවීම වළකයි. මුත්‍රා අඩුවෙන් යාම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩිස්සිය ආදී අපහසුතා දුරු කරයි.

💚 උණ්ඩුක පුච්ඡයේ ගල් ඇතිවීමේ රෝගයෙන් පෙලෙන අය අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගත යුතු ආහාරයක්.

💚 වකුගඩු ඉදිමීම සඳහා ගුණදායකයි.

💚 බැක්ටීරියා හා දිලීර විනාශ කරයි.

💚පිළිකා සෛල විනාශ කරයි. බඩවැල ආශ්‍රිත පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකාවලට හා මුඛ පිළිකාවලට ඉතාම ගුණදායකයි.

💚විවිධ ආසාදන නිසා ඇතිවන උණට රාබු යුෂවලට සහිද ලුණු මිශ්‍ර කර දෙනු ලබයි.

💚 සුදු කබර සඳහා රාබුවලින් සකසා ගන්නා චූර්ණය ඉතා වැදගත්.

💚සෙංගමාලයට ගුණදායකයි.

💚 අක්මාව හා ආමාශය ඉදිමීම සුව කරයි.

💚 අධි රුධිර පීඩනය අවම කරයි.

💚 ශරීරයේ විස නසා රුධිරය පිරිසිදු කරයි.

💚 හතිය, පීනස, කැස්ස, ඇතුළු ස්වසන ගැටළු වළක්වයි.

💚 දියවැඩියාවට ගුණදායකයි.

💚 රාබු අල හා කොළ සිහින්ව ලියා ලුණු මිටක් දමා තම්බා මද රස්නයෙන් සේදීම අර්ශස් ගෙඩි සුව කරයි.

💚රාබු අල බදුනකට දමා ඒ බදුනට මුං ඇට ස්වල්පයක් එකතු කර තම්බා වතුර පෙරා තලපයක් සේ සකසා ආහාරයට ගැනීම

💚අර්ශස් රෝගයට ඉතාම ගුණදායකයි.

💚රාබු කොළ, අමුකහ, දිය ලුණු දමා කොටා මදගින්නේ මලවා බැදීමෙන් සන්ධි ඉදිමුමට සුව ගෙනදෙයි.

💚මී මැසි හා දෙබර විස නසන්නට රාබු කෑල්ලක් තලා පැලැස්තර දැමීම සුවදායකයි.

💚මල බද්ධය දුරලයි.

💚 ඇස් රෝග නසයි.

💚පණු රෝග නසයි.

💚 අමිල පිත්ත රෝගයට ගුණදායකයි.

💚 දුහුවිල්ලට ඇතිවන අසාත්මිකතා දුරලයි.

💚 ආහාර ජීර්ණ පද්ධතියට සහ පරිවෘත්තීය ක්‍රියාවලියට හිතකරයි.

💚 තරබාරුකම මට්ටුකරයි.

💚රාබු යුෂ හිසකෙස්වල ආලේප කිරීමෙන් හිසකෙස් ගැලවී යාම හා හිස්සොරි වළකයි.

💚 මෙහි අඩංගු විටමින් බී සහ සින්ක් සමේ දද කුෂ්ට සුවකර සම වියළි බව දුරු කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.

💚 යටි පතුල් පැලීම වළකයි. මේ සඳහා ළපටි රාබු ගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ හා යටි පතුල්වල ආලේප කළ යුතුයි.සමේ කුරුලෑ ඇතිවීම වළකයි.

💚 සම පැහැපත් කර වයසට යාම පාලනය කරයි.

💚 ඔසප් ගැටළුවලට ගුණදෙයි.

💚 ශරීරයේ බර අඩු කරයි.

💚 ප්‍රතිශක්තිකරණ සෛල නිෂ්පාදනය වැඩි කරයි.

🟣රාබු අමුවෙන් ආහාරයට ගැනීම මුත්‍රා ගල් ඇති අයට හිතකර වුණත් සෙම් රෝග වලට අගුණ වෙන්න පුළුවන්.


රාබු ආහාරයට ගැනීමේදී,

🥬 භූගත එළවලුවක් නිසා පිසීමේදී සැලකිලිමත් විය යුතුයි.

🥬 ඒ නිසා රාබු අල වගේම කොළත් මඩ ඉවත් වන තුරු හොඳින් සෝදන්න.

🥬 ගර්භනී මවක් නම් රාබු අමුවෙන් ආහාරයට ගැනීමෙන් වළකින්න.

🥬 පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන් එහි ඇති හානිකර රෝගකාරක විෂබීජ විනාශ වී නොයන නිසා එය මවට වගේම දරුවාටත් අහිතකර තත්ත්වයන් ඇති කළ හැකියි.

🥬 රාබු කැපූ පසුව වෙනත් එළවලු කපන්නට භාවිතා කිරීමට පෙර කැපුම් පුවරුව වතුරෙන් හොඳින් සෝදන්න.

🥬 රාබු, අර්තාපල්, කැරට් ආදී භූගත එළවලු පිරිසිදු කර පිළියෙල කරන්නට පෙර සෑමවිටම දෑත් සෝදන්න.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW