රඹුටන් වාරේ ගෙදරදීම රස රඹුටන් අයිස්ක්‍රීම් එකක් හදලා බලමු.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 17, 2022 11:53 AM GMT
Report

මේ රඹුටන් වාරේ. මල්වානේ විතරක් නෙවෙයි දැන් ගොඩක් ගෙවල් රඹුටන් තියෙනවා. හැමදාම නිකන් කන රඹුටන් ගෙඩියට පොඩි වෙනසක් කරමුද? අයිස්ක්‍රීම් මිලත් ගණන් උස්සපු කාලේ ගෙදරිම හදන්න පුළුවන් රඹුටන් ice cream recipe එකක් කියලා දෙන්නයි හදන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

?  ඇට ඉවත්කළ ‍රඹුටන් ගෙඩි 15ක් 16ක්

? කස්ටඩ් පව්ඩර් මේසහැඳි 2ක්

? කිරිපිටි මේසහැඳි 10ක් ( උකු පොල්කිරි ගන්නත් පුළුවන්)

?කුඩුකරගත් සීනි කෝප්ප 1/4

? ජෙලටින් මේසහැඳි 1

? උණුවතුර කෝප්ප 4 

සාදාගන්න ආකාරය

? රඹුටන් මද ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ටිකක් කෑලි තිබුණත් ගැටළුවක් නැහැ.

? කිරිපිටි හෝ (පොල්කිරි), කස්ටඩ් පව්ඩර්, සීනි හා ජෙලටින් හා වතුරදාලා හොඳට බීට් කරගන්න.

? මේකට බ්ලෙන්ඩ් කරගත් රඹුටන් ටිකත් දාන්න.

? දැන් ඒ සියල්ල හොඳට බීට් කරගන්න.

? ඊට පස්සේ මේක පැයක් ෆ්‍රීස්කරලා ආයෙ විනාඩි 10ක් බීට් කරගන්න.

? ආයෙ පැය 4ක් ෆ්‍රීස් කරලා විනාඩි 10ක් බීට් කරගන්න.

? අවසාන වතාවට පැය 3ක් වගේ ෆ්‍රීස් කරලා කෑමට ගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW