මේ සතුන් දෂ්ට කරොත් ක්ෂණිකව විෂ ඉවත් කරන ක්‍රම.

By Wayomi Oct 03, 2022 12:11 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වැටීම්, කැඩීම් තැලීම් වගේ අනතුරු හැරුනම විශඝෝර සර්පයන්ගෙන් සහ කුඩා කෘමි සතුන්ගෙන් පවා නිවසේදී වගේම මඟතොටේදී අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්.ඉතින් එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකු හමුවෙන්න යන්න කලින් ඉක්මනට විෂ සුළු සර්ප විෂ හා කෘමි විෂ අඩු කරගන්න, නැති කරන්න භාවිතා කරන්න පුළුවන් සුළු අත්බෙහෙත් කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

මේ සරල අත් බෙහෙත් කුමන හෝ අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට යනතුරු විෂ දුරුකර ගන්නට ඔබට ප්‍රයෝජනවත් වේවි.  

 මී මැසි හා දෙබර විෂට

🟣 ඉදුණු පුවක් ගෙඩියක පිට පොත්තෙන් එන යුෂ ආලේප කරන්න. මෙමගින් මී මැසි විෂ ඉවත්වීම සිදුවී ඉදීමීමත් නතර වෙනවා.

🟣 ලුණු මගින් පොගවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ ස්ථානය පිසදමා ඒ ස්ථානයේ සහිද ලුණු අඹරා ආලේප කරන්න.

🟣 ඉදුණු පොල්පිත්තක් තලා එහි යුෂ දෂ්ට කළ ස්ථානයේ අලේප කරන්න.

🟣 එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.

🟣 යකිනාරං කොළ පොතු මිනිස් මුත්‍රාවලින් අඹරා ආලේප කරන්න.


හිකනල් විෂට

🟣 රත්තම්පලා, කටුතම්පලා, තැඹිලි පොල් මුල්, තල්මුල් කලං තුන බැගින් ගෙන පත 8-1 ට සිඳ ගිතෙල් දමා පානය කරන්න.

🟣 දිවුල් කොළ එරබදු කොළ කොටා පොල්කටු අගුරෙන් දුම් අල්ලන්න.


කිනිතුල්ලන් එල්ලුන විට.

🟣 රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩා අතුල්ලන්න. කලාදුරු විෂට

🟣 රතු ළූණු ගෙඩියක් දෙකට කපා අතුල්ලා කඩුපහර කොළ හාල්පානු ජලයෙන් අඹරා ගාන්න. දිවි මකුළු විෂට

🟣 ගොටුකොළ කොටා යුෂ ගෙන කැඳ සකසා ගිතෙල් දමා පානය කරන්න.

🟣 කපු දළු, අමුකහ ලුණු දමා කොටා මලවා බදින්න.

🟣 පොල්පලා දෙහි යුෂයෙන් අඹරා ආලේප කරන්න.


දළබු විෂට

🟣 පරණ පොල්තෙල් ගා දළබු රෝම ඉවත් කර ගැට තුබ සහ අමුකහ එකට කොටා යුෂ ගෙන ආලේප කරන්න.


කැරපොතු විෂට

🟣 කෑමට ගන්නා හුණු ජලයට දැමූ විට නගින හුමාලය ඇල්ලීම

🟣 තල තෙලින් හුණු අනා දෂ්ට කළ ස්ථානයේ තබා ගිනි පෙනෙල්ලෙන් රත් කරන්න.

🟣 මීමුරු උණු දියෙන් අඹරා ඒ ස්ථානයේ ආලේප කරන්න.

🟣 අමු කහ, බෝබුදළු අඹරා ආලේප කරන්න.

🟣 ලුණු පුළුස්සා පොල්තෙල් සමඟ පත්තෑයා දෂ්ට කළ ස්ථානයේ ආලේප කරන්න.

🟣 හබරල පිත්තක් කපා දෂ්ට කළ ස්ථානයේ තබන්න.

🟣 පැපොල් මුලක් අඹරා ආලේප කරන්න.

🟣සස්සද මුල් ඇල්දියෙන් අඹරා ආලේප කරන්න.

🟣 මූණමල් ඇට දෙහි ඇඹුලෙන් ගලගා අලේප කරන්න.

🟣 ඉත්තෑ කූරක් පුළුස්සා ගත් අළු පොල් තෙලෙන් අනා ආලේප කරන්න.

🟣 මදුරුතලා කොළ මිනිස් මුත්‍රාවාලින් අඹරා ආලේප කරන්න.

🟣 කබලකින් ඇදගත් තල එළගිතෙලින් අඹරා ආලේප කරන්න.


ගෝනුසු විෂට

🟣 මගුල් කරදමුල්, වදකහ, නිකමුල්, කොටා වතුර දමා තම්බා නගින දුම දෂ්ට කළ ස්ථානයට වැදෙන සේ අල්ලන්න. ඒ රොඩු අඹරා දෂ්ට මුඛයේ බදින්න.

🟣 හුණු සමඟ කුප්පමේනියා අඹරා ගාන්න.

🟣 පරණ කොහු ලණුවක් පුළුස්සා ගෙන එහි අළු ගෙන පොල්තෙලෙන් අනා ආලේප කරන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW