පැය 17ක් පෝලිමේ ඉදලා භූමිතෙල් ලීටර් එක හමාරක් ගත්ත ඛේදනීය ඉරණම..

Sri Lanka
By krishani May 27, 2022 09:14 AM GMT
Report

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් පාරිභෝගිකයන් පැය 17කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිට භුමිතෙල් ලිටර් 1 ½ මිල දී ගත් සිද්ධියක් වාර්තා වේ.

එම පිරවුම්හලට භුමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් (26)දිනයේ අලුයම 5 සිට දිගු පොලිම්වල රැඳී සිට ඇත.

පසුව එම පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමඟ පොලිම්වල රැඳී සිටි පිරිස් අතර වු නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරිමට යාමේ දී යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් හා පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.