එදිනෙදා නැතුවම බැරි, පොල්තෙල් ගැන දැඩි තීරණයක් ගනී - කරන්න යන දේ මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Food Crisis
By krishani Dec 08, 2023 10:18 AM GMT
krishani

krishani

in ආහාර
Report

පොල්තෙල් සම්බන්ධයෙන් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශ කළේ ය.

ඒ එළැඹෙන උත්සව සමයේ දී ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

එදිනෙදා නැතුවම බැරි, පොල්තෙල් ගැන දැඩි තීරණයක් ගනී - කරන්න යන දේ මෙන්න. | Quality Of Domestic Coconut Oil

කුඩා පරිමාණ මෝල්හිමියන් විසින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ඒ හේතුවෙන් එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන අතරතුර මේ පිළිබඳ පාරිභෝගික ජනතාව ද දැනුවත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ, පසුගියදා පාර්ලිමේන්තුවේ දී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා යොමුකල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

කෙසේ වෙතත්, දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් කිසිම අවස්ථාවක පරීක්ෂණයකට ලක්නොවන බව පසුගියදා වාර්තා විය.