පිරිමින්ගේ වැඩිම ආකර්ශනයක් හිමිවන කාන්තා ගතිගුණ 5ක්..

Sri Lanka
By Sewvandhi Nov 19, 2022 03:59 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වන්නේ මොන වගේ කාන්තාවන්ට ද කියලා ඔබ කෙදිනක හෝ හිතලා තියෙනවා ද? පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා අපි හිතුවට ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ ගතිගුණ වලටයි.

ඒ නිසා අද අපි ඔබට මේ ලිපියෙන් පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වන කාන්තා ගතිගුණ 5ක් ගැන කියන්න හිතුවා.

1. සරලකම

සරලයි සැහැල්ලුයි කියලා කියමනක් තියෙනවා ඔයාලා අහලා ඇති. ඒ කියන්නේ සරල බව ඕනෑම කෙනෙකුට සැහැල්ලුව කැන්දනවා. කාන්තාවන්ට නම් මෙය හරියට ආභරණයක් වගේ. නමුත් ඇතැම් කාන්තාවන් ඉන්නවා අඳින්න, පලඳින්න ගියත් මොන දේ කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. ඒ වුණාට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. ඉතින් ජීවිතේ හැම දෙයක්ම සරලව දකින හා සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමි වනවා.

2. බුද්ධිමත්කම

කාන්තාවක් බුද්ධිමත් විය යුතුමයි. කාන්තාවක් බුද්ධිමත් නොවුණොත් ජීවිතේ ඇති වන ප්‍රශ්න වැඩියි. උදාහරණයක් විදියට කාන්තාවකට පවුල් ජීවිතේ වගකීම් ගැන තේරෙන්නේ නැතිනම්, ඇය සකසුරුවම ගැන දැනුවත් නැති නම්, දරුවන්ට හොඳ නරක කියාදීමට තරම් දැනුමක් නැති නම් මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමඟ ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතයයි. මේ නිසා පිරිමින් බුද්ධිමත් කාන්තාවන්ට වැඩි ආකර්ෂණයක් දක්වනවා.

3. කාරුණික

බව කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක් මිස තද ගතිගුණ තියෙන කෙනෙක් නොවිය යුතුයි. කාන්තාවකට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඉස්මතු වී පෙනෙනවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් කාරුණික කාන්තාවන්ට හිමි වනවා.

4. ආත්ම විශ්වාසය

සමාජය විසින් කාන්තාවක් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරත් ඇය හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් ලැබෙනවා. ඒකට හේතුව තමයි හැම ප්‍රශ්නයකටම අඬන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්නවලට නොබියව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දැක්වීම.

5. වගකීම් සහිත බව

කාන්තාවක් සතුව සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුළුවන්ද කියන කාරණාව පිරිමියෙක් සොයා බලන මූලිකම දෙයක්. මේ වගකීම් හොඳින් ඉටු කිරීමේ හැකියාව බොහෝ කාන්තාවන්ට තිබුණත් වුවමනාවෙන්ම මේ වගකීම් පැහැර හරින කොටසකුත් ඒ අතර ඉන්නවා. නමුත් ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යෙන්ම ඔබට හිමි වන පිරිමි ආකර්ෂණය වැඩි වේවි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now