නායකයෙක් වෙන්න කලින් ඔබට මේවා තියෙනවද බලන්න.

By Wayomi Jul 10, 2022 12:26 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හැමතැනම වගේ මේ දවස් වල කතා වෙන මාතෘකාවක් තමයි නායකත්වය ගැන. නායකත්වය කියන්නේ, ඉලක්කයක් සපුරා ගැනීම සඳහා, ඵලදායී සන්නිවේදනය, අධීක්ෂණය සහ දිරිමත් කිරීම හරහා සීමිත හා පවත්නා මානව සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව. කණ්ඩායමක් ඔබ සතුව ඉන්නවා. ඔබට ඔවුන්ට කාර්යයන් පවරන්න පුළුවන්. ඔවුන් ඔබගේ උපදෙස් බලාපොරාත්තු වෙනවා.

ඒ වගේම නායකත්වය කියන්නේ විශාල වගකීමක්. නායකයෙක් වෙන එක ටිකක් ලේසි වුණාට නායකයත්වය දරාගෙන ඉන්න එක නම් ටිකක් අමාරුයි. හැබැයි මෙන්න මේ ගතිගුණ තියෙනවා නම් ඔබට හරි පහසුවෙන් නායකත්වය දරන්නන හසුරුවන්න අමාරු වෙන්නේ නැහැ.

? ආත්ම විශ්වාසය

? කණ්ඩායමේ එකිනෙකා අතර විශ්වාසය

? අවසාන ප්‍රතිඵලය කෙරෙහි අවධානය යොමු කිරීම

? ඉලක්කය කරා අවධානයෙන් සිටීම

? සිදු වන දේ යහපත් ලෙසින් බැලීම ( ධනාත්මක චින්තනය)

? ගැටළු විසඳීමට සහභාගීවීම

? අවසන් ප්‍රතිඵලය උදෙසා වැඩ කිරීම

? සීමාවන් අභිබවා සිතීම

? වගකීම් බාර ගැනීමට කැමති වීම

? ගැටුම් පාලනය කිරීම

? හොඳ ඉවසීමක්

? හොඳින් සවන්දීම

? විකල්පයන් සෙවීම

? වරද පිළිගැනීම

? උත්සාහයෙන් හා සාමූහිකව කටයුතු කිරීම

? වෙනසින් අභියෝගයක් ලෙස භාර ගැනීම

? උද්යෝගිමත් භාවයෙන් සිටීම

? "අපි සංකල්පයක" කෙරෙහි විශ්වාසය තැබීම  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW