කපුටාගේ සැබෑ ගති මතු කරන (කාක) සූත්‍රය.

Sri Lanka
By Wayomi May 23, 2022 07:40 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කපුටා කියන්නේ සෑම විටම කුසගින්නේ සිටින පක්ෂියෙක්. ඌ නිතරම උපාය ශීලීව තමන්ගේ වාසිය පමණක් සිතමින් ඩැහැගැනීමට මාන බලනවා. කපුටාගේ තියෙන තණහාව නිසාම ඌ ඩැහැගෙන එන කෑම සඟවන්න පුරුදුවෙලා ඉන්නවා. හැබැයි කොතැනක හෝ සැඟවුව ද, එම ස්ථානය සොයා ගැනීමට හැකියාවට මේ පක්ෂියාට නොමැති නිසා ම ලබාගත් දෙය ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නැහැ.

ඉතින් මෙලෙස නූගුණ ඇති කපුටාගේ ගති ලක්ෂණ ගැන බුදු දහමේ, අංගුත්තර නිකායේ දසක නිපාතයේ ආකඞ්‌ඛ වග්ගයේ කාක සූත්‍රයයේ මේ විදිහට පෙන්වා දෙනවා.

ධංසී - ගුණ නසන ස්භාවය
මහග්ඝස - නොහික්මුණු
අකාරුණික - කාරුණිකබව නොමැති
පගබ්භෝ - නොහික්මුණු ස්භාවය
තින්තිණෝ - සැක බහුල ස්භාවය
ලුද්දෝ - රෞද්‍ර ස්භාවය
දුබ්බලෝ - දුර්වල ස්භාවය
ඔරවිතා - නීච හඬක් ඇති බව
මුට්ඨස්සති - සිහි මුළා වූ ස්භාවය
නේවයිකෝ - රැස් කිරීමට යොමු ස්භාවය ( තණ්හාව)