සමෘද්ධිය ඇතුළු සුබසාධක සහනාධාර බෙදන්න රජයෙන් QR ක්‍රමවේදයක්
සුබසාධක සහනාධාරය හිමිවිය යුතු පුද්ගලයින් වෙතද QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී විජයරත්න මහතා මේ බව පැවසීය.
ඒ අනුව මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් සහ එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල පුද්ගලයින්ද වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන සියලු පිරිස් මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇත.
ඒ අනුව පවුල් මිලියන 3.9ක් මෙම වැඩසටහන සඳහා අයදුම් කරනු ඇති බවට මේ වනවිට ඇස්තමේන්තුගත කර තිබේ. මූලික පියවර 6ක් යටතේ මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |