QR ක්‍රමය එන මාසයේ සිට ඉවත් කරනවද..?

By Sithumi Nov 22, 2022 05:32 PM GMT
Report

දැනට ඉන්ධන බෙදා දීම සිදු කරන QR ක්‍රමය එන මාසයේ සිට ඉවත්කිරීමක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

QR ක්‍රමය රටේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තෙක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියා සිටී. සමාජ ජාලාවල පලවන ආකාරයෙන් එය එන මාසයේ සිට එය ඉවත් නොකරන බවත් ඔහු අවධාරණය කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා තිබේ.