QR හොර අල්ලන්න අලුත්ම වැඩක් - ඉන්ධන පිරවුම්හල් කේතයත් එක් කෙරේ
එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත් කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
පිරවුම්හල්හිමියන් වෙත අද (7) සිට ස්වයංක්‍රීයව ඉන්ධන නිකුත් කිරීමේ දත්ත ලබාදීම ආරම්භ කර ඉදිරියේදී මහජනතාවට එම තොරතුරු විවෘත කරන බව කී අමාත්‍යවරයා සංචාරක ඉන්ධන අවසරපත සහ රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා කේතය එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.
ඉන්ධන සලාකය වැඩි කිරීමට අවශ්‍ය විශේෂ ක්ෂේත්‍රයන් අත්හදා බැලීම මෙම සතියේ තෝරා ගත් පෞද්ගලික සහ රජයේ ආයතන කිහිපයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව අද පැවැති ප්‍රගති සමාලෝචනය රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |