පැයක් ඇතුලත කළුතර ම හෙල්ලූ 'පූස්කොටා' සහ ගෝලයා කොටුවෙයි. (PHOTOS)
කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය දොඩංගොඩ 'පූස්කොටා' සහ ගෝලයා අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
පැයක පමණ කාලයක් තුළ සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05ක් එල්ලකර රුපියල් 150,000ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර සැකකරුවන් පළාගොස් තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන් ඇත්තේ, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දොඩංගොඩ 'පූස්කොටා' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ 18 හැවිරිදි ඔහුගේ ගෝලයා බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
ප්‍රධාන සැකකරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන අතර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
මේ අතර මෙම සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙක, බණ්ඩාරගම නගරයෙන් කොල්ලකෑ යතුරුපැදිය සොයා ගැනුණු අතර සැකකාර හිටපු යුද හමුදා සෙබළා සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන තිබුණා.