ජාත්‍යන්තරයත් කළඹන අපේ රටේ මේ වන විට රටම හොල්ලන ලංකාවේ ජනප්‍රියම නැගී එන ගායිකාවෝ ටික මෙන්න (PHOTOS)

Artist Women
By Sithumini Sep 13, 2024 11:34 AM GMT
Report

හනා ශෆා

මේ වන විට ලංකාවේ ගායන ක්ශේත්‍රයේ හොද නමක් දිනාගෙන ඉන්න ආදරණීයම සහ ජනප්‍රියම චරිතයක් තමයි හනා ශාෆා කියලා කියන්නේ. ඇය මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කර චරිතයක් බවට පත්වෙලා තියෙනවා.

TPF5ST

විශේෂයෙන්ම ඇයට බොහෝ ඉල්ලුමක් මේ වන විට ප්‍රසංග වේදිකාවෙත් නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි අපට දැනගන්නට ලැබී තිබෙන්නේ.

ඇයට පසුගිය දිනෙක ජනප්‍රියම යෞවනයේ ගායිකාව සම්මානයකුත් ලැබුණා.

ආදිත්‍යා වැලිවත්ත

ආදිත්‍යා කියලා කියන්නේ වොයිස් ටීන්ස් හරහා ජනප්‍රිය වුණු ඉතාම සුන්දර තරුණියක්. ඇයට මේ වන විට බොහෝ දෙනාගේ ආදර්‍රෙ හිමිවෙනවා.

AMJPNH

කාලයක් ඇයට විහිලු කරමින් සමාජ මාධ්‍යයේ ඇයව විවේචනයට පවා ලක් වුණත් ඇය මේ වන විට ඉතාම හොද ගමනක් ක්ශේත්‍රය තුළ යමින් ඉන්නවා. ඇයවත් ප්‍රසංග වේදිකාවට මේ වන විට නැතුවම බැරි තරුවක්.

සනා

සනා තමයි ලගදිම ක්ෂේත්‍රයට ඇවිල්ලා ජනප්‍රිය වුණු කෙනා.එයා ඉතාමත්ම ඉක්මනින් ප්‍රේක්ෂයන් අතරට යන්නට සමත් වුණා.

5CWYQH

ඒ එයාගේ සදක්වෙලා මනරම් ගීතයෙන් ඇය ටික් ටොක් කවර් සෝන්ග්ස් හරහා ඉදිරියට ඇවිල්ලා මේ වන විට ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්නවා.

අමේලියා

අමේලියා කියන්නේ මේ වන විට ජනප්‍රියම තරුව කිව්වොත් නිවැරදියි.ඇය මේ වන විට විට සමාජ මාධ්‍යයේ සිය ආදිපත්‍ය පතුරවමින් ඉන්නවා.

ඇය ඉතාම දක්ෂ තරුණියක් ලෙස විවිධ ආරයේ නිර්මාණ ගායනා කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

381QEG

ඉතින් ඇයගේ මේ හැකියාවන් ගැන උමාරියා සිංහවංශත් අදහස් පළ කරලා තිබුණා. ඒ ඇයගේ හැකියාව අගය කරමින්.

අශන්‍යා ප්‍රේමදාස

අශාන්‍යා ප්‍රේමදාස කියන්නෙත් යෞවන ගායිකාවන් අතර ඉතාම ජනප්‍රිය ගායිකාවක් ඇය සිරස වොයිස් ටීන්ස් හරහා ක්ශේත්‍රයට ඇවිත් මේ වන විට තමන්ගෙම කියලා ගීත නිර්මාණත් එළිදක්වලා තියෙනවා.

OGB91

රෝස මල් කුමාරි ගීතය හරහා මේ වන විට ජනප්‍රිය වෙලා ඉන්න අශාන්‍ය වෙනස්ම විදියේ ආරයකින් ගීත ගායනා කරමින් ඉන්නවා