පුබුදුයි මාෂියි දින ගණින කිරිකැටි සිහිනය - බලන්නකෝ ඒ වෙනුවෙන් එයාල කරලා තිබුණ දේ.. (PHOTOS)
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ.ඔහු ලාංකීය සිනමාවට නැතිවම බැරි චරිතයක් වෙලා සිටින පුද්ගලයෙක්.
කඩවසම් නළුවෙක් වෙන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි මාෂි සිරිවර්ධන කියන්නෙ.
ඉතිම් ඔවුන් දෙදෙනාටම ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.
පුබුදු – මාෂි යුවළ ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම මොහොතකට මේ වන විට සූදානම් වෙමින් පසු වෙනවා.
ඒ ඔවුන්ගේ ආදරණීය කිරි සිහිනයට.ඉතිම් ඒක දැන් හැමෝටම රහසක් නම් නෙමෙයි.
ඉතිම් කුළුඳුළේම මව්, පිය පදවිය ලබන්න ඉන්න මේ දෙන්නාගේ මේ හැබෑවන ලස්සනම හීනය ගැන වචන එකතු කර තිබුණේ මෙහෙමයි.
"මොහොතින් අලුත් වන සිතුවමක් වන් වූ ජීවිතයට, පාට ගෙන ආ කිරි සිහිනය…
ජීවිතය නම් ගමන් මගේ පියවරෙන් පියවර ඉදිරියට යදදී හමුවූ ලස්සනම නවාතැන...
බලාපොරොත්තු දහසක් පොදි බැදන් ජීවිතේ දැකපු ආදරනීයම සිහිනය..
ඒ උත්තරීතර මව් පදවිය…
ඒ උත්තරීතර පිය පදවිය… ???????
“Life is like a painting where Every moment is a miracle… In the life’s journey, its the best thing ever happened… The loveliest dream with a thousand hopes.. That supremacy of motherhood… That Supremacy of Fatherhood…”
ඉතිම් මෙයාලගේ මේ ලස්සන කිරිකැටි සිහිනයට ගොඩක් දෙනෙක් සුබ පතලා තිබුණා වගේම ගගන අපිත් සුබපැතුම් එක් කරනවා.