අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉන්ධන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani May 21, 2022 04:25 AM GMT
Report

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල රථවාහන හා විදුලිජනන යන්ත්‍ර සඳහා තෝරාගත් පිරවුම්හල්වලින් මෙන්ම ආපදා සහ හදිසි සේවාවල නිරත රාජ්‍ය නිලධාරීන් සඳහා ද ඉන්ධන නිකුත් කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළ අතර එහි නීති කෙටුම්පත් සම්පාදක, රජයේ රස පරීක්ෂක, බන්ධනාගාර අත්‍යවශ්‍ය සේවාවන්, ග්‍රාම නිලධාරීන් සහ දේශීය ආදායම් රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින් සඳහා අදාළ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දී ඇත.

මීට අමතරව වී, සහල්, සීනි, පරිප්පු, කිරිපිටි, එළවළු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ලොරි රථ, පොහොර බෙදාහැරීමේ ලොරි රථ සඳහා ද අදාළ පිරවුම්හල්වලින් ඉන්ධන සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා ඇති බව සඳහන් ය.

තව ද තේ‍, රබර්, පොල් සහ අපනයන කෘෂිකර්ම බෝග කර්මාන්තශාලා, විදුලි, ජල සම්පාදන, ගලි බවුසර් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම, සත්ත්ව නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදන කටයුතුවලට සෘජුවම සම්බන්ධ ලොරි රථ සහ කර්මාන්තශාලා ද අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join