ජනපති පුටුවේ අසුන් ගත් කතුන් දෙදෙනෙකුට සිදු වූ දේ

Galle Face Protest Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 10, 2022 04:37 PM GMT
Report

කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල පුටුවේ අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 සහ 55 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනකු බව පොලීසිය පවසයි .

මෙම සැකකාරියන් දෙදෙනා මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල ආසනයේ වාඩිවී සිටින වී අයුරු ඡායාරූපවල සඳහන්ව ඇත. ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ සැකකරුවන් සහ සැකකාරියන් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් ඉදිරි දිනක මාධ්‍ය වෙත නිකුත් කර මොවුන් හඳුනාගැනීම සඳහා මහජන සහය ඉල්ලා තිබුණි. මාධ්‍යවල පළ වූ ඡායාරූප අනුව මෙම සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වෙළදසඳස දෙකක් පවත්වාගෙන යන කාන්තාවන් බව ද පොලිසිය පවසයි . මොවුන් අද (11) අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපතිවරයාට සහ රජය විරෝධය දක්වමින් , ගාලුමුවදොර දී අරගලකරුවන් ආරම්භ කර තිබූ විරෝධතාවයට සහය දක්වමින් ඉකුත් ජුලි මස 9 වැනි දින දස දෙසින් කොළඹට පැමිණි පිරිස ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දින කිහිපය ම රැඳී සිටියහ. ජනාධිපති ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ එහි දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now