බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය හෙට කොළඹදී..(VIDEO)

Colombo Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 08, 2022 03:29 PM GMT
Report

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව හෙට කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව මහතා පැවසුවේ අරගලය ප්‍රතිසංවිධානය කිරීමේ පළමු දිනය ලෙස හෙට රටපුරා විරෝධතා පවත්වන බවය. මේ අතර ලංකා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුමේදි අද පස්වරුවේ පැවැත්වුණි.

ඇප මත මුදා හැරුණු එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ද එම විරෝධතාවට එක්වූ අතර ඔහු එහිදී සඳහන් කළේ මර්දනය නැවැත්වූ පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට සූදානම් බවය. මේ අතර කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සර්ව ආගමික නියොජිතයින්ගේ විරෝධතාවක් පැවති අතර එහිදී අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය ආනන්ද සාගර හිමි සදහන් කළේ ආණ්ඩුව විරෝධතා මර්දනය සඳහා ක්‍රියා කරමින් සිටින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now