අද කොළඹ දී දැවැන්ත විරෝධතාවයක්..!

Sri Lankan protests Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 27, 2022 01:57 AM GMT
Report

ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ කලාකරුවන් ඇතු‍ළු පිරිසක් අද (27) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව විරෝධතා රැලියක් ද පැවැත්වීමට නියමිත බවය.

"වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ද ජනතා ව්‍යාපාරය ලෙස අද ආණ්ඩුව ගෙන යන මේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිවත්, අරගලයට සම්බන්ධ වූවන් මර්දනයට ගෙන යන මර්දන නීති හකුළා ගැනීමටත්, උද්දමනය 80%ක් යනකොට වැඩකරන ජනතාවට ජීවත් වෙන්න කිසිදු වැඩපිළිවෙලක් හදන්නේ නැතිව තවදුරටත් බදු ගහලා ජනතාවට බර පටවන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ගොවියාට පොහොර, ධීවරයා ට තෙල් ටික, ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න පහසුකම්, ජනතාව අපේක්ෂා කරන සහන නොදෙන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද ශිෂ්‍ය සංගම්, ගොවි සංගම්, ධීවර සංගම්, වෘත්තීයවේදීන්, කලාකරුවන් අද සවස 3ට කොළඹ දී පවත්වන දැවැන්ත උද්ඝෝෂණ රැළිය වගේම විරෝධතා ක්‍රියාමාර්ග රැසක් අද ක්‍රියාත්මකයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now