අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

Sri Lanka Police Sri Lankan protests Sri Lanka SL Protest
By Sewvandhi Jul 31, 2023 08:10 AM GMT
Report

අධිකරණය විසින් අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන අතර මරදාන පොලිසිය සිදු  කළ දැනුම්දීමකට අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

මෙම අධිකරණ ආඥාව වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස වෙත නිකුත් කර ඇත.

ඒ අනුව අද දහවල් 12.00 සිට හෙට (01) උදෑසන 10.00 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දුම්රියපොළ දක්වා අදාළ අධිකරණ බලසීමාව තුළ මහා මාර්ග සහ පදික වේදිකා, එම මහා මාර්ග සහ පදික වේදිකා භාවිත කරන සෙසු පුද්ගලයින්ට භාවිත කිරීම සිදුකළ නොහැකි අයුරින් විරෝධතා පා ගමන් තහනම් කර තිබේ.