යළිත් පාරට බැස්ස අරගලකරුවෝ - ක්‍රියාකාරී සාමාජිකා දමිතත් අත්අඩංගුවට

Sri Lanka Police Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Sep 07, 2022 05:45 PM GMT
Report

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව සහ ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය හා ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹ දී අද (7) සත්‍යග්‍රහයක නිරත වූහ.

‘‘මර්දනයට එරෙහි කළු හෝරාව‘‘ මැයෙන් බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී සංවිධානය කළ මෙම සත්‍යග්‍රහය සඳහා කලාකරුවන් ඇතුළු පිරිසක් කලු වතින් සැරසී එක්ව සිටියහ.

මර්දනය නවතනු ජනතාවට සහන දෙනු ආණ්ඩුව වේදිකාවෙන් බැස යනු ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස සත්‍යග්‍රහයේ නිරත විය. සත්‍යග්‍රහය හේතුවෙන් පොල්දූව අවට මාර්ගවල රථවාහන තදබදයක් පැවැතියේය.

මේ සඳහා දමිතා අබේරත්න, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර, ලහිරු වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

එමෙන්ම රංගන ශිල්පිණී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනාවයි.

පොලිසිය සඳහන් කළේ පොල්දූව හංදිය ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now