වෘත්තීය සමිති රැසක් කොළඹට එයි - ප්‍රධාන මාර්ගයක් වසා දමයි.. පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක්..

Colombo SL Protest
By krishani මාස 2 කට පෙර
Report

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද (20) කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බව  රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලීසිය විසින් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join