රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසට හදිසියේම පොලිස් ආරක්ෂාව යොදවයි..

protest Aluthgama Piyal Nishantha Kaluvamodhara Kalavila road
By Sewvandhi Apr 03, 2022 07:25 AM GMT
Report

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කළහ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට මීටර් සියයකට ආසන්න දුරකින් කාලවිල මාර්ගයේ ස්ථාන දෙකක මෙලෙස මාර්ග බාධක සහිත පොලිස් නිලධාරීන් රාජකාරි යොදවා තිබුණ අයුරු දිස් විය .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now