පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැල්ලෙකු කරන කැපකිරීමක් ( දුර්ලභ ඝනයේ වීඩියෝවක්)
දැල්ලා කියන්නේ මුහුදු ජීවියෙක්නේ. සත්ව ලෝකයේ දැල්ලන් විශේෂ එකකට වඩා සිටින බව සමහර විශේෂඥයින් නම් පවසන්නේ. සාගර ගැඹුරේ වාසය කරන මෙම සත්වයාගේ දිග අඩි 59 (මීටර් 18) ක් වන අතර බර රාත්තල් 606 (කිලෝ 275) ක්.
ඔය කොහොමද වෙතත් මේ ළඟදී දවසක දැල්ලෙකුගේ දුර්ලභඝනයේ වීඩියෝවක් ලබාගන්න පර්යේෂණ කණ්ඩායමක් සමත්වෙලා තියෙනවා.
ඒ, දැල්ලෙකු විසින් ආරක්ෂාව සඳහා තම බිත්තර විශාල ප්‍රමාණයක් රැගෙන යන දර්ශනයක්.
අඩි 4560 ක් පමණ ගැඹුරු මුහුදු කලාපයකදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති “Monterey Bay Aquarium Research Institute” නම් සාගර විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් අධි විභේදන වීඩියෝ දර්ශන ලබාගත හැකි 4K කැමරා සහිත “ROV Doc Ricketts” භාවිතා කරමින් තමයි මේ දර්ශනය ලබාගෙන තිබෙන්නේ.
මේ දැල්ලා “Bathyteuthis” නමින් හඳුන්වන වර්ගයට අයත් වන බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |