ගෙවල් කෘමි සතුන්ගෙන් ආරක්‍ෂා කරගත හැකි උපක්‍රම
ගෙවල් කොච්චර පිරිසිදු කරලා තියාගත්තත් වැඩක් නැහැ. මැස්සො, මදුරුවො, හූනො, කැරපොත්තො, මකුණෝ වගේ පොඩි පොඩි සත්තුන්ගෙන් බේරිල්ලක් නැහැ. මකුණෝ වගේ සත්තු නම් ගසලා ගතුගලා දැම්මට නම් වැඩක් නෑ. ලේසියෙන් යවාගන්න බැහැ. හැබැයි ඒ කොහොම වුණත් මේ කරදරකාරී සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් පුංචි උපක්‍රම ටිකක් ගැනයි මේ කියන්න යන්නේ.
🦗🕷🐜🦎 නිවසේ තැනින් තැන පැඟිරි තෙල් පහන් දල්වන්න. මදුරුවෝ වගේම මැස්සන්ටත් පැඟිරි තෙල් සුවඳ කියන්නේ ඉවසන්න බැරි දෙයක්. ඊට අමතරව ඔයාට පුළුවන් වේපරයිසර් එකට පැඟිරි තෙල් පුරවලා ක්‍රියාත්මක කරන්න.
🦗🕷🐜🦎 මැස්සන් කැමති හොඳින් ආලෝකය ලැබෙන ස්ථානවල ගැවසෙන්න. ඒ නිසා අඳුරු පාට තිර රෙදි භාවිතා කරලා ගේ ඇතුලෙ වටපිටාව පොඩ්ඩක් අඳුරු කරොත් මැස්සන්ගේ අඩුවීමක් දකින්න පුළුවන් . හැබැයි රෑට කළොත් නම් මදුරු ගහනය න වැඩි වෙයි. මොකද මදුරුවන් කළුවරට ඇදීගෙන එනවා. බලන්න ඔබ කළු ඇඳුමක් ඇඳන් ඉද්දී මදුරුවෝ කන එක වැඩි.
🦗🕷🐜🦎 බිත්ති වලට කපුරු දියර ඉසින්න. හූනන් කියන්නේ නිවාස අපිරිසිදු කරන සතෙක්. ඒ නිසා හූනන් වැඩිපුරම ඉන්නෙ බිත්තිවල කපුරු කුඩු කරලා ඒවා දියකරලා ඉහින්න. ඒ ටික පොඩි වතුර බෝතලේකට දාලා එකේ මුඩියේ හිල් හදලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එස්ප්‍රේ එකක් භාවිතා කරන්න.
මෙම ක්‍රමය මකුණන් මර්දනයටට යොදාගන්න පුළුවන්. මේ සඳහා කපුරු බෝල ගන්නවට වඩා හොඳයි පුජා වට්ටි වලට එහෙම තියෙන කපුරු ගන්න. කපුරු බෝල වලට වඩා ඒක ටිකක් සැරයි.
🦗🕷🐜🦎 කූඹින් එන මාර්ග වලට කහ කුඩු ඉසින්න.
🦗🕷🐜🦎 රෑට කුස්සියේ ලයිට් එක නිවන්නෙ නැතුව තියන්න.මොකද කැරපොත්තා කියන්නේ අඳුරෙදි විතරක් ක්‍රියාශීලි වන සතෙක්.ගෙදර තියෙන අඳුරු අහුමුලු වලට ආලෝකය ලබාදෙන විදියට සකස් කළොත් ආයේ කැරපොත්තො නම් එන්නේ නැහැ.
🦗🕷🐜🦎 නිල්පාට කියන්නේ මැස්සන් විකර්ශණය වෙන පාටක්.ඔයාගෙ ගෙදර නිල්පාට වැඩියෙන් භාවිතා කරනවා නම් ඒ කිව්වේ මේස රෙදි වගේම තිර රෙදි පිඟන් කෝප්ප නිල් පාට නම් මැස්සන්ගෙන් කරදරයෙන්බේරෙන්න පුළුවන් වේවි.
🦗🕷🐜🦎 කසළ බඳුන වසා තැබීම හා නිවසින් පිටත ඇති කුණු වළට භූමිතෙල් ඉහින්න. ගෙමැස්සො බිත්තර දාන්නෙ කුණු ගොඩවල් අශ්‍රිතව.ඒ නිසා නිතරම කසල බඳුන් හොඳින් වසා තබන්න.
🦗🕷🐜🦎 ඔයා මුළුතැන් ගේ වගේම නිවසේ අනිත් කොටස් අතුගාලා ඉවර වෙලා සබන් වතුරයි ලුණුයි එකට මිශ්‍ර කරලා බිම පිහ දැම්මොත් කූඹි වගේම මැස්සන් පාලනය කරගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |