මේ දවස් වල Smart phone එක පරිස්සම් කරගන්න පුංචි Tips ටිකක්.

By Wayomi Jul 17, 2022 11:27 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Smart phone වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයට අත්‍යවශ්‍ය මෙවලම් වෙලා,online class, office වැඩ, මේ වෙනත් online business වගේ ගොඩක් දේවල් වලට use වෙනවා. දැන් නම් ඉතින් Smart phone එකක් ගන්නවා බොරු. ඒ තරමට මිල ඉහළ ගිහින්. ඒ විතරක් නෙවෙයි කැඩුණොත් හෝ වෙනත් ප්‍රශ්නයක් ආවත් phone එකේ කොටස් ලංකාවට ගෙන ලේසි නැහැ. එහෙම ගෙන එකත් ගොඩක් දුරට නවත්වලා. නැත්නම් මිල ගණන් වැඩියි. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ Smart phone ආයු කාලය වැඩි කරගන්න, පරිස්සම් කරගන්න පුළුවන් පුංචි Tips ටිකක් ගැන.

Smart phone එකේ body

📱 මුලින්ම බලන්න ඕන ඔබේ phone එකේ body එක නිර්මණය කරලා තියෙන material එක ගැන . සාමාන්‍යයෙන් ලෝහ, glas එහෙමත් නැත්නම් ප්ලාස්ටික් වලින් තමයි Smart phone එකේ body එක, back එක නිර්මණය කරන්නේ. ප්ලාස්ටික් නම් බිම වැටුණට ලොකු ගැටළුවක් නැහැ. ඒක තීරණය වන්නේ වැටෙන උස ප්‍රමාණය මත. glas වගේ ඉක්මනටම phone එකට damage වෙනවා. ලෝහ වලින් නිර්මාණය කරපු එකක් නම් damage වෙන්න තියෙන අවසථා අඩුයි. ඕනම නම් ටිකක් තැලෙයි.

Screen Protector එකක් ගන්න

📱 විශේෂයෙන්ම අපි සැළකිලිමත් විය යුතු දෙයක් තමයි tempered එක. මිල ගණන් ලක්ෂ 7, 8 හෝ ඊට වැඩි Smart phone එකක් බිම වැටිලා කැඩුණොත් හදන්න බර ගානක් යනවා.

📱 අලුතෙන් එන Smart phone වල සාමාන්‍යයෙන් සීරීම් සහ බලපෑම්-ප්‍රතිරෝධී ගෝරිල්ලා ග්ලාස් හෝ ඒ හා සමාන දෙයකින් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඔබ ගද්දී සැලකිලිමත් විය යුතුයි ඔබේ Smart phone එකෙත් ගොරිල්ලා temperedඑක තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් කියලා වෙනම ගෝරිල්ල tempered හෝ වෙනත් ශක්තිමත් ආරක්ෂිත tempered එකක් Smart phone එකට දාගන්න.

ආරක්‍ෂිත back cover එකක් දාගන්න

📱 ඔබේ Smart phone එක අනතුරු වලින් ආරක්ෂා කරගන්න නම් ආරක්‍ෂිත back cover එක්ක දාගන්නා ඕන. සමහරු හිතන්නේ back cover එක්ක දන්නේ ලස්සනට කියලා. එහෙම හිතලා ලස්සන සුකුරුත්තන් ලස්සන back cover තමා දාගන්නේ. ලස්සන විතරක් බලලා මදි. ඒ නිසා රෙදි වලින් මහපු ලස්සන back cover වලට රැවටෙන්නේ නැතිව ප්ලාස්ටික් සහ රබර් මිශ්‍ර වූ තද ගතිය අඩු back cover එකක් පාවිච්චි කරන්න.

ඔබගේ Smart phone වියළිව තබා ගන්න

📱 Smart phone නිෂ්පාදකයින් වැඩි වැඩියෙන් ජලයට ඔරොත්තු දෙන Smart phone ඉදිරිපත්කරනවා. මෙම දුරකථන සම්පූර්ණයෙන්ම ජලයට ඔරොත්තු නොදෙන නමුත්, ඒවාට වැස්සක් හෝ වතුරේ වැටුණොත් දමාගෙ වෙනවා. ඒ නිසා හැමවෙලේම තෙත් ගතියෙන් තොර තැනක Smart phone එක තබා ගන්න.

අධික උෂ්ණත්වයෙන් වළකින්න

📱 අධික උණුසුම් හෝ සීතල උෂ්ණත්වය ඔබගේ Smart phone හානි සිදු වෙනවා. එය දිගු වේලාවක් අධික තාපයක හෝ සීතලේ තැබීමෙන් බැටරියට සහ උපාංගයේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදු විය හැකි අතර, දත්ත නැති වීමට, බැටරි ආයු කාලය කෙටි කිරීමට හෝ phone එක replacement කිරීමට පවා සිදු විය හැකියි..අධික සීතල නිසා Smart phone සමහර කොටස් වඩාත් දෘඩ වීමට හේතු වන අතර, උපාංගය බලපෑමෙන් හානි වෙන්න පුළුවන්.

📱 පුළුවන් තරම් පරිස්සමට Smart phone එක රැක ගන්න, hit එක වැඩි වන apps දාගන්න එපා. අනවශ්‍ය විදිහට game ගහන්න එපා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW