ගණිකා වෘත්තීය අලුත් ක්‍රමයකට?.

Sri Lanka
By krishani Sep 27, 2023 02:22 PM GMT
Report

මෙරට වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව වාර්තා වෙනවා. 

ඒ බව ඊයේ (26) කොළඹ දී පැවැති වැඩමුළුවක දී අභිමානී කාන්තා එකමුතුව කියා සිටියේ ය.

මෙලෙස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා ගණිකා වෘත්තිය සිදු කිරිමට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා නිසා වෘත්තියේ නියැළීමට ඇති වූ අපහසුතා හේතුවෙන් ය.

එමෙන්ම, වාර්තා වන්නේ අදාළ කාන්තාවන්ට තම සේවාදායකයන් ඊසි කෑෂ් ක්‍රමවේදය යොදා ගනිමින් ගෙවීම් කටයුතු සිදු කරන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම වෘත්තියේ නියැළෙන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ ය.