ලාබෙට සැප ගත්ත කාලේ ඉවරයි.. ගණිකා ගාස්තු සහ කාමර ගාස්තු වලට සිදුවූ දේ මෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Oct 11, 2022 11:59 PM GMT
Report

පවතින ආර්ථික අර්බුදය මත රට පුරා බොහෝ ප්‍රදේශවල කාන්තාවන් තම පවුල් නඩත්තු කිරීම සඳහා ගණිකා වෘත්තියට නියැලී සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත වාර්තාවක් පල කරමින් සඳහන් කරන්නේ, පවතින අර්බුදය මත එකම ස්ථාවර ආදායම ගණිකා වෘත්තිය බවත්, එහි මේ වන විට එහි ගාස්තු ද ඉහළ ගොස් ඇති බවත් ය.

රට තුළ භාණ්ඩ මිල සමග ජීවන වියදමත් ඉහළ ගොස් ඇති නිසා ගණිකා වෘත්තියේ ගාස්තු සහ ඊට අදාල කාමර ගාස්තු ද ඉහළ නංවා ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ මීට පෙර පැයට රුපියල් 5000,10000,15000 වැනි අගයන් සහ විවිධ අය විවිධ ගාස්තු අය කෙරුණා.

එම ගාස්තු පවතින තත්ත්වයන් හමුවේ තවත් ඉහළ නංවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ගණිකා වෘත්තිය වක‍්‍රාකාරයෙන් ප්‍රවර්ධනය කරන දැන්වීම්ද අන්තර්ජාලයේ පළ කිරීම ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

කලින් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් වැඩි වශයෙන් සීමා වූ මෙම සේවාවන් මේ වන විටත් පිට පලාත් වල ද විසිරී ඇතැයි වාර්තාව කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now