රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් යෝජිත විදේශ රැකියාවල හරියටම ලියාපදිංචි වෙන්නේ කොහොමද?
මේ දවස් වල රාජ්‍ය සේවකයෝ වැඩිදෙනෙක් බලන් ඉන්නේ රට යන්න. හැබැයි තාමත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ තමන්ට යෝජිත රැකියා මොනවද සහ ඒවාට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ කියන්න යන්නේ රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් යෝජිත විදේශ රැකියා සඳහා ලියාපදිංචි වන ආකාරය ගැනයි.
🔶.මේ සඳහා මුලින්ම ඔබ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසිය යුතුය.
ඒ සඳහා පහත link එකෙන් පිවිසෙන්න,
👉 Click Here
🔶.ඉන් අනතුරුව ඔබේ ලියාපදිංචි කටයුතු සිදුකර ගැනීම සඳහා ඔබ අදාල වෙබ් අඩවියේ sign up විය යුතුයි. දැනටමත් ඔබට ගිණුමත් පවතී නම්, එසේ අවශ්‍ය නොවන අතර එහිදි ඔබට ඇති NIC Number එක සහ Password එක භාවිත කරන්න. 3.දැනට ගිණුමක් නොමැති නම් පළමු රූපයේ සඳහන් පරිදි යටම ඇති කොටසේ sign up වෙත පිවිසෙන්න.
🔶 එවිට දෙවන රෑපයේ පරිදි ඔබගේ NIC Number එක First Name සහ Last Name එක Mobile Number එක Email ලිපිනය සහ Pass word එක ඇතුලත් කර ඔබේ ගිණුම සාදා ගන්න.
🔶.ඔබ නිවැරදිව ගිණුම සාදාගත් පසුව ඔබ ලබාදුන් දුරකථන අංකයට SLBFE නමැතිව පණිවිඩයක් ලැබෙනු ඇති.
🔶.ඉන්පසුව නැවත මෙහි අංක 01 රූපයේ ඇති කොටසට පිවිස ඔබගේ NIC අංකය සහ ඔබ ලබාදුන් password එක ඇතුලත් කර පිවිසෙන්න.
🔶.එවිට මෙහි 03 වන රූපයේ ඇති පරිදි මුහුණතක් ඔබට ලැබෙන අතර එහි Overseas job for government Employees කොටසට පිවිසෙන්න. - එවිට පිවිසීමට පෙර අනිවාර්යයෙන් ඔබගේ CV එකක් සාදා එය phone එකේ හෝ පරිගණකයේ save කර තබාගන්න.
.එවිට අදාල application එක පිරවීමට ඔබට ලැබේ.එහි ඔබේ,
🔹.Full Name(වාසගම සහිතව ඔබේ සම්පූර්ණ නම)
🔹.Nic number (ජාතික හැඳුනුම්පත් අංකය)
🔹.Gender( ස්ත්‍රී/පුරුෂ භාවය)
🔹.Mobile number (දුරකථන අංකය)
🔹.Passport number (විදේශ ගමන් බලපත්‍ර අංකය)-ලියාපදිංචී වීම සඳහා අත්‍යවශ්‍ය
🔹.Civil status (විවාහක/අවිවාහක බව)
🔹.Email (ඊමේල් ලිපිනය)
🔹.Current working place( දැනට සේවය කරන ස්ථානය)
🔹.Current working district (දැනට සේවය කරන දිස්ත්‍රික්කය)
🔹.Interesting job category (ඔබ නිරතවීමට කැමති රැකියා ක්ෂේත්රය)
යන තොරතුරු ඇතුලත් කර ඔබේ CV එකක් upload කර submit කරන්න.
🔶 එවිට ඔබ සාර්ථකව ලියාපදිංචි වූ බවට සඳහනක් සහ reference number එකක් ලැබෙන අතර. ඉදිරි අවශ්‍ය වන නිසා එය save කරලා තියාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |