බඩත් අඩු කරන.සමත් පැහැපත් කරන දෙහි වල සැඟවුණු ගුණ.
දෙහි කියන්නේ අපේ රටේ නම් සම්බෝලයකට නැතුවම බැරි කුළුබඩුවක්. දෙහි ශාකයේ නිජබිම ඉන්දියාව වුණත් ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් කිහිපයක මේ සුවිශේෂ ශාකය ව්‍යාප්තව වෙලා තියෙනවා. දෙහි වල අඩංගු විටමින් C, විටමින් B6, විටමින් A, විටමින් E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් ,පොස්පරස් , පැන්තෝතෙනික් අම්ලය සහ ප්‍රෝටීන් වැනි පෝෂක නිසා මෙයට ඖෂධීය ගුණයෙන් ඉහළයි.
ඉතින් අපි බලමු ඖෂධීය ගුණයෙන් ඉහළ දෙහි වලින් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලා.
🍋 උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කරනවා.
🍋 එම පානයම උණුසුම අඩුකර ඊට මීපැණි ස්වල්පයක් එක්කර ගැන්මෙන් මලබද්ධය දුරු කරනවා.
🍋 රසකාරකයක් විෂනාශකයක්..එනම් සිරුරේ විෂ නසනවා.
🍋 ආහාර රුචිය වඩවනවා.
🍋 පිපාසය සංසිඳුවන්නවා. විජලනය දුරු කරයි.
🍋 වා පිත් සෙම් තුන්දොසම සමනය කළ හැකි ඔසුගුණයෙන් යුක්තයි.
🍋 සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.
🍋 ශරීර උෂ්ණත්වය අඩුකිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝග ද පාලනය කරනවා. ( හැබැයි සමහරු නම් කියන්නේ දෙහි උෂ්ණයි කියලා )
🍋 සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට පණුවන්ට හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව.
🍋 ආහාර රස ගැන්වීමටත් ආහාරවල යකඩ පෝෂක උරා ගැන්මටත් උදව් වෙනවා. (කොළ මැල්ලුමට, සලාදයට, දෙහි යුෂ එකතු කෙරෙන්නේ ඒ නිසයි)
🍋 උදරාබාධ වලට ගුණයි.
🍋 දෙහිවල ඇති PH 2.00 ආම්ලිකතාව නිසා ආමාශගතවූ විට ක්ෂණික ප්‍රතිචාර දක්වන බැවින්. එය ලුණු සමගත් ඉඟුරු සමගත් අජීර්ණවලදී යොදාගන්නවා.
🍋 ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමන පාචනය හා ඉක්කා වැනි රෝග වලදීත් දෙහි ගුණයි.
🍋 සමේ සෛල පණගන්වා සම රකියි. සූර්ය රශ්මියෙන් සමට සිදුවිය හැකි හානි වළක්වනවා.සමෙහි ඇතිවන කුෂ්ට විසප්පු ඉදිමුම් පළවා හරිනවා.
🍋 ස්වාභවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියා කරන නිසා දෙහි යුෂ පානයෙන් පැහැපත් සම පැහැපත් කරගන්නත් පුළුවන්.
🍋 කුරුළෑ ලප කැළැල් වලට එරෙහිව ක්‍රියාකරමින් නිරෝගි සමක් ලබාදෙනවා.
🍋 වියපත් රැලි මකාහරිමින් තරුණ පෙනුම දිගුකල් පවත්වාගන්න පුළුවන්. (සමේ රෝග සඳහා දෙහි යුෂ මීපැණි සමග මිශ්‍රකර ආලේප කරන්න.)
🍋 හිස්සොරිත් එමගින් ඇතිවන ආසාදනත් දුරුකිරීමට ද දෙහි වලට හැකියි. ( ගෙඩිවල යුෂ හා තැම්බූ ගෙඩිත් ගැටත් හිස ගල්වා සම්බාහනය කර ටික වේලාවකින් නාන්න)
🍋 දෙහි හදවතටත් හිතකරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිරනාලවල මේද තැන්පත්වීම අවම කිරීමේ හැකියාව පවතිනවා.
🍋 ඒ වගේම සියලු හෘද රෝගවලට එරෙහිව ක්‍රියා කරන අතර අධිරුධිර පීඩනය ආශ්‍රිත හෘද රෝගපාලනයට දෙහි යුෂ වඩාත් හිතකරයි.
🍋 කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට ද උදව් වෙනවා.
🍋 දිනකට දෙවරක්වත් දෙහි යුෂ පානයෙන් තරබාරුකමත් පාලනය වනවා. (එහි ඇති සිට්‍රික් අම්ලය මේද දහනය කර සිරුර සිහින් කරනවා)
🍋 එමෙන්ම දෙහි රුධිර ගත සීනිපාලනයේ හැකියාවෙන් යුක්ත බව අමෙරිකානු දියවැඩියා සංගමය පවසනවා.
🍋 එය සිරුරේ නිපදවන ග්ලූකෝස් ක්ෂණිකව උරා ගැන්මේ ශක්තියෙන් යුක්තයි.
🍋 දෙහිවල ඇති සිට්‍රික් මගින් මුත්‍රාශයේ ගල් දියකිරීමටද හැකියි. එහි urinary citrate සංයෝගය සෑදීම නිසා crystals ඇතිවීම මගහැරෙනවා.
🍋 දෙහිවල ඇති යූරික් අම්ලය සන්ධි ඉදිමීම් හා වේදනා වෑළැක්වීමට ක්‍රියා කරනවා. එය ආතරයිටීස් රෝගය පාලනයට උදව් වෙනවා.
🍋 දෙහි වලට ලේ පිළිකා වලට එරෙහිවත් සටන්කළ හැකියි. දෙහි පැඟිරි වල පියයුරු පිළිකා වැළකීමේ ශක්තිය පවතින අතර දෙහි බික්වලටත් වඩා පිළිකා සෛල වැළක්වීමේ ගුණ ඇත්තේ දෙහි පොත්තේයි .
🍋 දෙහි කොළ තැම්බූ වාෂ්ප ශ්වසන පහසුව ලබා දෙනවා,සෙම් ප්‍රතිශ්‍යා ආදි සෙම් රෝග අවම කරගන්න උදව් වෙනවා.
🍋 එය ඇදුම පාලනයට හිතකරවන අතර මොළයට ආහාරයක් සේත් සැළකෙනවා.
🍋 අක්මාවේ මනා ක්‍රියාකාරිත්වයට උර දෙන දෙහි විෂ නාශකයක ලෙස ක්‍රියා කරනවා. (අතීතයේ පටන් උරග සිවුපා සතුන් සපා කෑවිට කෑ මුඛයේ විෂ පිරිසිදුකරන්නේ දෙහි යුෂ ඇතිල්ලීමෙන්. ඖෂධ සඳහා ද දෙහි එකතුකෙරෙනවා.පත්තෑයන් වැනි සතුන් සප කෑවිට රත් හඳුන් දෙහි වලින් ගලගා ආලේප කරනවා.)
🍊 දෙහි කොච්චර ගුණ වුණත්, එය අම්ලපිත්ත රෝගීන්ට නම් සුදුසු නැහැ. එයාලා දෙහි යුෂ බොනවා නම් ගැස්ට්‍රයිටීස් වලට සුදුසු අහාරපාන වර්ග ලබාගන්න. නැත්නම් ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |