අපරාදකරුවෙක් අල්ලන්න ඇලට පැන මෙලොවින් සමුගත් පොලිස් නිළධාරියාට පොලිසියෙන් ලැබුණ උසස් වීම.
Sri Lanka Police
Death
By Gagana
නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ වරදට ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ වැරදිකරුවෙකු පොලිසිය ආසන්නයේ තිබූ ඇලකට පසුගිය 23 වෙනිදා පැන පළා යාමට උත්සාහ කළේ ය.
එහිදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම ඇලට පැන පළාගිය වැරදිකරු ඇල්ලීමට උත්සහ කිරීමේ දී එහි එක් නිලධාරියෙක් එම ඇළෙහි ගිලී මිය ගියේ ය.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 හැවිරිදි ක්රිෂ්ණ මූර්ති පිරදාපන් නැමති අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙක් ය.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙම මස 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මියගිය පොලිස් කොස්තාපල්වරයා තනතුරේ ස්ථිර කර පොලිස් සැරයන් නිළයට උසස් කර ඇති බවයි.
මෙම උසස් වීම පොලිස්පතිවරයා විසින් පශ්චාත් උසස්වීම් පදනම යටතේ ලබා දී තිබේ.