තැන්පතු ගිණුම් වර්ගයක් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය - ගැටලුවක් තිබේ නම් මේ දේ කරන්න.

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By krishani Sep 27, 2023 04:02 PM GMT
Report

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇති වී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදු වූ අසාධාරණයට විසඳුමක් ලබා දී ඇත.

මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක් ද වෙන්කර ඇත.

මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොලී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගත වීමෙන් පසුව ය.

නමුත් ඊයේ දිනයේ දී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූව ද රුපියල් ලක්ෂයට අඩු තැන්පත් ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තම පොලී මුදල් ලබාගැනීමේ හැකියාව ලැබෙයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ  මේ සඳහා විමසීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකු ද පත්කර ඇති බවයි.